ප්‍රතිසංස්කරණ හා ආධාර

ඔබේ පරිත්‍යාග

ඔබේ පරිත්‍යාග මෙම ගිණුමට බැර කරන්න.

බැංකු ගිණුම් විස්තර

රන්කොත් විහාර සංවර්ධන සංගමය
බැංකු ශාඛාව : HNB - Panadura
ගිණුම් අංකය : 069020448867

පරිත්‍යාග පෝරමය

Please provide a valid name.
Please provide a valid address.
Please provide a valid phone number.

ඔබේ තොරතුරු වෙනත් ආයතනයකට නොයවනු ඇත. ඔබ හා සම්බන්ධ වීමට ඔබ අපට අවසර දී ඇත්නම්, අප ඔබට තැපැල් හෝ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු එවනු ඇත.

රූප මන්දිරයේ වර්තමාන තත්වය

අද වර්තමානය වන විට සිතුවම්‌ විනාශ වීමේ තර්ජනයකට මුහුණපා සිටියි. මේතාක්‌ කල්‌ විහාරයේ සිතුවම්‌ ආරක්ෂා වී පවතින්නේ විහාරයේ පෙර සිට වැඩ සිටි භික්ෂූන්වහන්සේලා ගේ දූරදර්ශී ක්‍රියා පටිපාටිය නිසා ය. විහාරගෙය තුළ පහන්‌, හඳුන්කූරු, කපුරු ආදිය පත්තු නොකිරීම සතුටට කරුණකි. බොහෝ දෙනෙක්‌ සිතුවම්හි වටිනාකම දත්‌ නමුත්‌ කීපදෙනෙකුගේ අයථා වැඩකටයුතු නිසා සිතුවම්වල තත්වයට හානි පැමිණ ඇත. අවපැහැ ගැන්වී ඇති සිතුවම්‌ නැවත මතු කර ගැනීමේ දී ඒ දීප්තියට බාධාවක්‌ සිදු වී ඇති බව සිතුවම්‌ නිරීක්ෂණය කිරිම තුළින්‌ පැහැදිලි වේ. මේ නිසා විධිමත්‌, ක්‍රමවත්‌ සැලැස්මකට අනුව නවීන තාක්ෂණය යොදා ගනිමින්‌ සිතුවම්‌ සඳහා වන හානිය අවම කර ගැනීමට කටයුතු කළ යුතුය. බොහෝ සෙයින්‌ ක්‍ෂයවී යන සිතුවම්‌ තෝරා බේරා ගෙන තිබෙන තත්වයම රැක ගැනීමට “චිත්‍ර අනාවරණය” කර ගැනීමට කටයුතු සැලැස්වීම කළ හැකිය. එමෙන්‌ම විනාශ වී යන චිත්‍ර දිය සායමින්‌ පලපුරුදු චිත්‍රශිල්පීන්‌ ලවා ඇඳ “තිත්‌ ක්‍රමය” භාවිතා කිරිම චිත්‍ර සංරක්ෂණය කළ හැකි එක්‌ ක්‍රමයකි.

(කැලණිය විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා අංශයේ උපාධිධාරණියක වන ටී.ඊ.මධුරංගී හේමතිලක ද සිල්වා මෙනෙවිය විසින්‌ රන්කොත්‌ විහාරයේ බිතුසිතුවම්‌ සම්බන්ධයෙන්‌ විශ්වවිද්‍යාලයයට ඉදරිපත්‌ කරන ලද පර්යේෂණ නිබන්ධයේ ඉතා සුළු කොටසක්‌ ආශ්‍රයෙන්‌ ඉහත සඳහන්‌ කරුණු සකස්‌ කර ගන්නා ලදී.)

අවුරුදු 200+ රූප මන්දිරය සහ බිතු සිතුවම් රැකගනිමු

ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න

"පාණදුර රන්කොත් විහාරය එහි විවිධ පැතිකඩයන් අතර පාණදුර බෞද්ධ ජනගහනයේ ආගමික හා භක්තියේ සංකේතයක් ද වේ."

~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන අනුනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)