පහලට

පාණදුරේ රන්කොත් විහාරය ඉතිහාසය ගොඩනැගීමට උපකාරවූ පූජනීය විහාරස්ථානයකි. මෙය පාණදුරේ නගර මධ්‍යයෙහි රමණීය උස් බිමක පිහිටා ඇත, “පාණදුරේ පින්කෙත” යන විරුදාවලි ලත් මෙම විහාරස්ථානය පැරණි කාලයෙහි ව්‍යවහාර වී ඇත්තේ “ගල්කන්ද විහාරය” යන නමිනි.
කට වහරෙහි “ගල්වල පන්සල” හෝ “ගල්වලේ පන්සල” යයි බැවහර විය. මෙම ඵෙතිහාසික පුදබිම ආරම්භ කරන ලද්දේ වර්ෂ 1810 දී ය.
චෛත්‍යරාජයාණන්ගේ කොතෙහි රත්තරන් ආලේප කිරීම නිසා 1879 සිට “රන්කොත් විහාරය” නමින් හැදින්වෙන්නට විය.

මහාචාර්ය රාජකීය පණ්ඩිත කහපොළ සුගතරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

විහාරාධිපති (1981 - වර්තමානය)

පාණදුරේ රන්කොත්‌ විහාරයෙහි ආධිපත්‍යයට පත් වූ පසු උන්වහන්සේගේ පාලන කාලය තුළ රන්කොත්‌ විහාරයෙහි විශාල දියුණුවක්‌ ඇතිවී තිබේ. ශ්‍රී සාසනරතන අනුස්මරණ නව පුස්තකාලය, බෝධිප්‍රාකාරය, සප්තමහා දේවාලය, ශ්‍රී පෘද මන්දිරය උන්වහන්සේගේ සංවර්ධන කාර්යය ප්‍රකට කරන නිර්මාණයන්ය. අවුරුදු පහළොවක්‌ පමණ අමරපුර නිකායයේ ලේඛකාධිකාරී පදවිය දරමින්‌ නිකායයේ උන්නතිය සඳහා උන්වහන්සේ විසින්‌ කරන ලද සේවය ප්‍රශංසනීයයි.

විහාරස්ථානයේ අපූරුව දකින්න

සංරක්ෂණයට පරිත්‍යාග

විහාර ගෙයි සිතුවම්

අවුරුදු 200+ රූප මන්දිරය සහ බිතු සිතුවම් රැකගනිමු

ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න

"පාණදුර රන්කොත් විහාරය එහි විවිධ පැතිකඩයන් අතර පාණදුර බෞද්ධ ජනගහනයේ ආගමික හා භක්තියේ සංකේතයක් ද වේ."

~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන අනුනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)