The Upper Courtyard
The Chaitya of Rankoth Viharaya was erected in the year 2422 BE. Inscribed on it are the stanzas of a renowned poet, extolling the sanctity of the edifice.
The visitor will chance across three golden Buddha statues in the Shrine Room. The murals in the outer corridor have been widely praised by critics, especially their depiction of scenes from contemporary society. These belong to the post-Kandyan period low country period. The discerning observer will observe at once the exquisite use of colour, through which characters from Jataka Stories seem to come to life.
Through the contributions of pious devotees, a new barricade was erected around the Bodhi Tree at the Viharaya. Images of the 28 Buddhas have been deposited there, while the Ata Visi Buddha Pooja, held as a sign of devotion to them, are organized.
It was the Most Venerable Gunarathana Mahanayaka Thera, then Chief Incumbent of Rankoth Viharaya, who oversaw the construction of the Shrine. Today it houses the Relics of the Buddha and of several Arahants, in addition to a large number of Burmese and Siamese artifacts.
පෞරාණික වස්තුඋන්
පෞරාණික වස්තුඋන්
පෞරාණික වස්තුඋන්
පෞරාණික වස්තුඋන්
The Devalaya of Rankoth Viharaya was constructed with the help of the Chief Incumbent and various devotees. It is dedicated to seven deities, and as such is called the Sapthamaha Devalaya.
With ceramic tiles covering each side, the Bell Tower remains an enduring feat of artistry. The bell can be heard right out in the far corners of the region, evoking sublime joy in the minds of devotees.
Construction of the Dharmashalawa of Rankoth Viharaya ended in 1933. It became a reality thanks to the efforts of Mrs Jeremias Dias, Mr John Rodrigo, and Mr P. C. H. Dias. A relative, Mr Chitrasena Rodrigo, helped renovate the building, while its roof was repaired with the support of Mr Deva Fernando. In 2020, a refurbishment of the Dharmashalawa took place through the patronage of the Jeremias Dias Foundation.
ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න
~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන මහනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)
Location
444 ආතර් වී. ඩයස් මාවත, පාණදුර
Contact Details
චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පලඳා ඇත්තේ බු:ව 2422 වර්ෂයේදී ය. ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු
විසින් රචනා කරන ලද කමනීය ගාථා පංතියක
ඒ පිළිබඳ වර්ණනාවක් දක්නට ලැබේ.
දෙසානීත මහග්ඝභණ්ඩනිකරාපුණ්ණ පණොසඝාකුලො
'දිඛබ්බාවාසව්ලාසසොභනතරාගාරෙහි සංභාසුරො
විඤ්ඤාණෙසජනාකුලො පුථුපථො භූපාලමන්තිස්සරො
රම්මො පාණදුරාබ්ය ගාම පවරො හොතී සුභොගාකරො
දෙස, නොයෙක් දේශවලින්, ආනීත, ගෙණෙන ලද, මහග්ඝ, මහත් වශයෙන් අගනා වූ, භණ්ඩ නිකර,
නානාප්‍රකාර භාණ්ඩ සමූහයාගෙන්, ආපුණ්ණ,
අඩුනුවූ, ආපණොඝකුලො, අවන්හල් සමූහයකගේ ගැවසීම් ඇත්තා වූ, 'දිබ්බාවාසවිලාස,
දව්යමන්දිරාකාර ඇති, සොභනතර, අතිශයින් හොබනා
වූ, අගාරෙහි, මන්දිර වලින්, සංභාසුරො, බබලන්නා වූ විඤ්ඤණාණෙසජන, පණ්ඩිත ජනයාගෙන්, ආකුලො,
ආකීර්ණ වූ, පුථුපථො, විශාල මාර්ග
ඇති, භූපාලමන්තිස්සරො, පෘථිවිපාල මන්ත්රීශ්වරයන්ගේ විසීම් ඇති, සුභොගකරො, යහපත් වූ
භෝගයන්ගෙන් උත්පත්තියට ස්ථානයෙක් වූ,
රම්මො, රම්‍ය වූ, පාණදුරාඛ්ය ගාමපවරො, පාණදුරේ යන නම් ඇති ගාමවරයෙක්, හොති, වේ.
ධනාකිණ්ණ ගාමෙ විසාලම්හි තස්මිං
සුභෙ හෙමසිංගාභිධානෙ විහාරෙ
විමුත්ති දදන්තං මනුඤ්ඤං සුථූපං
සුපස්සන්ති දුරෙ වසන්තා මනුස්සා
තස්මිං විසාලම්හි, ඒ විශාල වූ, ධනාකිණ්ණ ගාමෙ, ධනවන්ත ජනයාගෙන් ගැවසීගත් ග්‍රාමයෙහි,
සුභෙ,
සොභන වූ, හෙමසිංගාභිධානෙ,
රන්කොත් යන නම් ඇති, විහාරෙ, වෙහෙරෙහි, විමුත්ති දදන්තං, නිර්වාණ දායක වූ, මනුඤ්ඤං, මනෝඥ
වූ,
සුථූපං, සුන්දර වූ චෛත්‍යය,
දුරෙ වසන්තා දුරෙහි වාසය කරන්නා වූ, මනුස්සා, මනුෂ්‍යයෝ, සුපස්සන්ති, මනාව දර්ශනය
කෙරෙත්.
අස්මිං විහාර පවරෙ පිනධාතු ථූපෙ
බාවීසතීචතුසතාධික ද්විසහස්සෙ
යාතෙ මහෙසි සරදඳදෙ ඨපිතං සුවණ්ණ
සිංගන්ති සබ්බ සුජනා සතතං සරන්තු
අස්මිං විහාර පවරෙ, මේ උතුම් වූ විහාරයෙහි, ජිනධාතු ථූපෙ, සර්වඥ ධාතුවලින් යුක්ත වූ
චෛත්‍යයෙහි, බාවීසති චතුසතාධික, හාරසිය
දෙව්ස්සක් අධිකකොට ඇති, ද්විසහස්සෙ, දෙදහසක්, යාතෙ, ඉක්මුණා වූ, මහෙසි සරදෙ, බුද්ධ
වර්ෂයෙහි,
සුවණ්ණ සිංගං, රන්කොත, ඨපිතං
ඉති, තබන ලදැයි, සබ්බ සුජනා, සියළු සත්පුරුෂ ජනයෝ, සතතං, අනවරතයෙන, සරන්තු,
සිහිකෙරෙත්වා.
විවිධ භව කිලෙසාර්ිසුපඤ්ඤායුධෙන
විහත ගුණනිධානානාථනාථස්ස තස්ස
රුචිරතර විහාරෙ හෙමසිංගාභිධානෙ
විභවසුඛදදන්තං තුංගථූපං නමෙහං
හෙමසිංගාභිධානෙ, රන්කොත් යන නම් ඇති, රුචිරතර විහාරෙ, අතිශයින් සිත්කථු විහාරයෙහි,
විවිධ, ං
අනේකප්‍රකාරවූ, භවකිලෙස,
භවක්ලේශ නමැති, අරි, වෛර්හු, සුපඤ්ඤා, යහපත්වූ ප්‍රඥා නමැති, ආයුධෙන, ආයුධයෙන්, විහත,
විශේෂයෙන් නසනලද්දාවූ, ගුණධාන, ගුණ
නැමති නිධාන ඇති, අනාථනාථස්ස, අසරණ සරණ වූ, තස්ස, ඒ සර්වඥයන් වහන්සේගේ, (ශාරීරික ධාතු
රත්නය
වඩාකරන ලද්දාවූ) විභවසුඛ
දදුන්තං, නිර්වාණ සැප ආයක වූ, තුංග ථූපං, උත්තුංගු චෛත්‍යය, නමෙ, නමස්කාර කෙරෙමි.
දසබල ඡළඞභිඤ්ඤා ඤාණ සංවඩ්ඩීතස්ස
සුවිදිතමිතඤෙය්යොළාරසින්ධූ ජිනස්ස
රුචිරතර විහාරෙ හෙමසිඞ්ගාභිධානෙ
විභවසුඛ දදන්තං තුංගථූපං නමෙහං
හෙමසිංගාභිධානෙ, රන්කොත් යන නම් ඇති, රුචිරතර විහාරෙ, අතිශයින් සිත්කථු විහාරයෙහි,
විවිධ, ං
අනේකප්‍රකාරවූ, භවකිලෙස,
භවක්ලේශ නමැති, අරි, වෛර්හු, සුපඤ්ඤා, යහපත්වූ ප්‍රඥා නමැති, ආයුධෙන, ආයුධයෙන්, විහත,
විශේෂයෙන් නසනලද්දාවූ, ගුණධාන, ගුණ
නැමති නිධාන ඇති, අනාථනාථස්ස, අසරණ සරණ වූ, තස්ස, ඒ සර්වඥයන් වහන්සේගේ, (ශාරීරික ධාතු
රත්නය
වඩාකරන ලද්දාවූ) විභවසුඛ
දදුන්තං, නිර්වාණ සැප ආයක වූ, තුංග ථූපං, උත්තුංගු චෛත්‍යය, නමෙ, නමස්කාර කෙරෙමි.
පරමු විමල සත්ථුවණ්ණවණ්ණස්ස නීල
පදුමදල. නිභක්ඛිරාමණෙය්යස්ස සත්ථු
රුචිරතර විහාරෙ හෙමසිංගාභිධානෙ
විභව සුඛ දදන්තං තුංග ථූපං නමෙහං
හෙමසිංගාභිධානෙ, රන්කොත් යන නම් ඇති, රුචිරතර විහාරේ, අතිශයින් සිත්කළු විහාරයෙහි, පරම,
රම්‍ය වූ, විමල, නිර්මල වූ,
සත්ථුවණ්ණවණ්ණස්ස, ස්වර්ණවර්ණ ඇත්තා වූ, නීලපදුමදල නිභක්ඛි, නීලෝත්පල පත්‍ර ප්‍රභායෙන්,
රාමණෙය්යස්ස, සිත්කළු වූ, සත්ථු,
ශාස්තෲන් වහන්සේගේ, (ශාරීරික ධාතු රත්නය වඩාකරන ලද්දා වූ) විභව සුඛ දදන්තං, නිර්වාණ සැප
දෘයක
වූ, තුංගථූපං, උත්තුංග
චෛත්‍යය, අහං, මම, නමෙ, නමස්කාර කෙරෙමි.
පනස ලබුජ ජම්බු නාලිකෙරම්බරම්භ
මලයජ තරු පුණ්ණො ලොකනාරස්ස සත්ථු
රුචිරතර පිහාරෙ හෙමසිංගාභිධානෙ
විභවසුඛ දදන්තං තූංග ථූපං නමෙහං
පනස, කොස් ද, ලබුජ, දෙල් ද, ජම්බු, දඹ ද, නාලිකෙර, පොල් ද, මලයජ, සඳුන් ද යන, තරු,
වෘකෂයන්ගෙන්, පුණ්ණො, අඩුනුවූ,
හෙමසිංගාභිධානෙ, රන්කොත් යන නම් ඇති, රුචිරතර විහාරෙ, අතිශයින්, සිත්කළු වූ විහාරයෙහි,
ලොකනාථස්ස සත්ථු, ලෝකනාථ නම් වූ
ශාස්තෲන් වහන්සේගේ, (ශාරීරික ධාතුරත්නය වඩාකරන ලද්දාවූ) විභව සුබ දදන්තං, නිර්වාණ සැපදායක
වූ,
තුංග ථූපං, උත්තුංග චෛත්‍යය,
අහං, මම, නමෙ. නමස්කාර කෙරෙමි.
සමණගණනිවාසාවාසපන්තීවිච්ත්තෙ
කවිනිකර පසත්ථෙ ධම්මරාජස්ස සත්ථු
රුචිරතරවිහාරෙ හෙමසිංගාභිධානෙ
සුබ දදන්තං තුංග ථූපං නමෙහං
සමණගණ, ශ්‍රමණ සමූහයාගේ, නිවාස, වාසස්ථාන වූ, ආවස පන්තී, ආවාසපන්තියෙන්, විචිත්තෙ,
විචිත්‍ර
වූ, කවිනිකර, පණ්ඩිත සමූහයා
විසින්, පසත්ථෙ, ප්‍රශංසා කරන ලද්දාවූ, රුචිරතර විහාරෙ, අතිශයින් සිත්කළු වූ විහාරයෙහි,
ධම්මරාජස්සු ධර්මරාජයන් වූ,
සත්ථු, ශාස්තෲන් වහන්සෙගේ (ශාරීරික ධාතු රත්නය වඩාකරන ලද්දා වූ) විභව සුඛ දදන්තං, නිර්වාණ
සැපදායක වූ, තුංග ථූපං, උත්තුංග
චෛත්‍යය, අහං, මම, නමෙ, නමස්කාර කෙරෙමි.
රන්කොත් විහාරයේ විහාර මන්දිරය සැදැහැවතුන්ගේ සිත්සතන් සනසන විශිෂ්ට නිර්මාණයකි.
රන්පැහැයෙන් බබලන බුද්ධ ප්‍රතිමා තුනක්
ඇතුල් මාලයේ දක්නට ලැබේ. කලාකරුවාගේ ප්රබුද්ධ කලා කෞශල්‍යය මෙම ප්‍රතිමා ප්‍රකට කරයි.
ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සංකලනය වූ
උතුම් හැඟීම් ඔපවත් කර ඇත.
පිටමාලයේ බිතුසිතුවම් කලාවිචාරකයන්ගේ නොමද ප්‍රශංසාවට ලක්වී ඇත. සමකාලීන ජනජීවිතය පිළිබඳ
ජීවමාන සාධක ලෙස මෙම බිතුසිතුවම්
අගය කරති. 19 වෙනි සියවස දක්වා මහනුවර යුගයේ සිතුවම් කලාව වර්ධනය විය. රන්කොත් විහාරයේ
බිතුසිතුවම් අයත් වනුයේ පශ්චාත්
මහනුවර යුගයේ පහතරට සිතුවම් කලාවටයි. පෙරහැර වැනි නිරූපණයන්හි සමකාලීන මිනිස් රූපයන්හි
පැතිකඩක් දර්ශනය වෙයි. වර්ණ යොදා
ගැනීමෙහි ද විශේෂතා දක්නට ලැබේ. විශේෂයෙන් තෝරාගත් ජාතක කථා රාශියක් සිතුවමට නගා තිබේ.
පුද්ගල චරිත නිරුපණයේදි එම චරිත
ජීවමාන ස්වරූපයෙන් තබාගැනීමට කලාකරුවා සමත්වී ඇත. ඕනෑම කලාකරුවෙක් චිත්‍රයට නගනුයේ තමන්ට
සමකාලීන පුද්ගලයන්ගේ රූපයන් හා
සමාන චිත්‍ර බව පැහැදිලි කරුණකි. අවුරුදු සියයකට වඩා පැරණි මෙම සිතුවම් විශිෂ්ට නිර්මාණ
ලක්ෂණයෙන් යුක්ත ය.
විහාරයේ බිතුසිතුවම් අතර සියළු දෙනාගේ අවධානය යොමුවිය යුතු එක් දුර්ලබ චිත්‍රයක් දක්නට
ලැබේ. එනම් හබලකින් කරත්තයක්
පදවන දර්ශනයයි. දේවියක් කරත්තයට නංවාගෙන රිය පදවන්නා හබලකින් එය පැදවීමේ අවස්ථාවක් මෙහි
දර්ශනය වේ. “හබල් ගසා රිය පදවා”
යනුවෙන් ජාතක පොතේ එන සඳහන ඒ ස්වරූපයෙන් ම ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙය
සැලකිය හැකිය.
පැරණි බෝධිප්‍රාකාරය ඉවත් කර අටවිසි බුදු කුටි සහිතව නව බෝධිප්‍රාකාරයක් 2003 වර්ෂයේදී
ඉදිකරන ලදී. පැරණි ගෘහනිර්මාණ
ශෛලියට අනුව චිත්තාකර්ෂණීය ලෙස මෙහි සැලැස්ම සකස්කරන ලද්දේ කේ. බී. සංජීව කුලරත්න මහතා
විසින් ය. මෙහි කටයුතු නිමාව දක්වා
එතුමා දක්වන ලද උනන්දුව ප්‍රශංසනීයයි. දිවා රෑ වෙහෙස මහන්සි වී මෙහි ඉදිකිරීම් කටයුතු කරවන
ලද්දේ භූපේන්ද්රනාථ් ද සිල්වා
ඉංජිනේරු මහතා විසින් ය. එතුමා මෙම සත්ක්රියාවෙන් ලබාගත් සැනසිල්ල අපමණ ය.
විහාර මන්දිරය තුළ අඩි අටක් පමණ උස මහාබලසම්පන්න පැරණි විෂ්ණු දේවතා රූපයක් පවතී,
බොහෝදෙනාගේ බලවත් ඉල්ලීම මත 1998
වර්ෂයේදී දේවතා රූප හතකින් සමන්විත වූ නව දේවාලයක් ඉදිකරන ලදී. බැතිසිතින් යුතුව මෙහි
සැලැස්ම සකස්කරන ලද්දේ සංජීව
කුලරත්න මහතා විසින් ය. පැරණි සහ නවීන ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම සංකලණයෙන් යුත් මෙම
සැලැස්ම සියළුදෙනාගේ ප්‍රශංසාවට ලක්වී
ඇත. දේවාලමන්දිරයෙහි ආරම්භයෙහි සිට අවසානය දක්වා සියල්ල මැනවින් සොයා බලා කටයුතු කරවන
ලද්දේ භූපේන්ද්රනාථ් ද සිල්වා
ඉංජිනේරු මහතා දේවතා රූපයක් එතුමා මේ වෙනුවෙන් ගත් වෙහෙස සදානුස්මරණීයයි.
බුරුමයෙන් ගෙන්වන ලද ඉතා වටිනා කිරිගරුඬෙන් නිමවූ ශ්‍රී පාද පද්මය තැන්පත්කර තිබූ පැරණි
ශ්‍රී පාද මන්දිරය කඩාවැටීම නිසා
නව මන්දිරයක් 2007 වර්ෂයේදී ගොඩනගන ලදී. මේ සඳහා දැකුම්කළු සැලැස්ම නිර්මාණය කරන ලද්දේ
කේ.බී.සංජීව කුලරත්න මහතා විසිනි.
01 වන බිත්තිය
01 වන තීරුව - පෙරහැර දර්ශනය
02,03,04 වන තීරු - ජාතක කථා
වට මාලයේ මෙම බිත්තිය ඇතුළුව අනෙක් බිත්ති සියල්ලගේ ම දැකිය හැකි පොදු වු විශේෂ ලක්ෂණයකි.
එනම්, බිත්තියෙන් ඉදිරියට
පැමිණි ඉදිරි පැන්නුම් පහක් දැක්වීමයි. ඒ සෑම කොටසකම මෝස්තර දැකිය හැකි ය.
01. 1 පෙරහැරක් නිරූපණය වේ. එහි මුලින්ම කොඩි ගෙන යන කුඩා දැරියන් හතර දෙනෙකු නිරූපණය
වේ. මින් දෙදෙනෙක් සුදු කොඩි ද
දෙදෙනෙක් බෞද්ධ කොඩිද ගෙන යති. සුදු කොඩි සඳහා තනි වර්ණයක් යොදනවාට වඩා නිල් මිශ්‍රිත
කළු වර්ණයක් යෙදා ඇත. එයින්
කොඩියට ත්‍රිමාණ ලක්ෂණයක් යම්තාක් දුරට එකතු වී ඇත. මේ සුදු කොඩි සුළඟට ළෙල දෙන ආකාරයක්
නිරූපණය වේ. සුදු කොඩි වටා බාහිරව
කළු සියුම් රේබාවක් උපයෝගී කර ගැනීමට ශිල්පියා උත්සුක වී ඇත. බෞද්ධ කොඩියක් යයි හඳුනාගත
හැකි එනමුත් එයටම ආවේණික වු වර්ණ
මාලාවක් දැකිය නොහැකිය. මෙහි තීරු 6 කට බෙදා එක් තීරුවක එනම් 1 වන තීරුව අප දකින බෞද්ධ
කොඩියේ වර්ණයට සමාන කළ නොහැකි වර්ණ
තවරා ඇත. එනම් කහපාට මිශ්‍රිත තද වර්ණයකි. ඉන් පසුව 2 වන තීරුව කොටස් 2 කට බෙදා ඇත. එක්
කොටසක රතු වර්ණයත් අනෙකෙහි කහ
වර්ණයත් ඇත. අනෙකෙහි කහ වර්ණය ආලේප කර ඇත. මේ ආකාරයට ම 03 වන තීරුව ද කොටස් 02 කට බෙදා
එක් කොටසක රතු වර්ණයත් අනෙක්
කොටසෙහි සුදු මිශ්‍රිත රෝස පාටත් යොදා ඇත. 04 වන තීරුවෙහිත් එක් කොටසකට නිල් වරණයත්
අනෙක සඳහා කහ වර්ණයට සමාන තද
වරණයත් යොදා ඇත. 05 වන තීරුව සඳහා එක්කොටසකට රතු ද අනෙක් කොටසට අඳුරු රෝස පාටත් යොදා ඇත.
මෙයට යොදාගත් සෑම වර්ණයක්ම
“වර්ණාඳුරාලෝකය” හෙවත් වර්ණ තුනීකර දැක්වීමේ (Shading) ක්‍රමයට ශිල්පියා කටයුතු කර
ඇත.
ඉන්පසුව ළමා රූපවලට පිටුපසින් බෙර වාදකයෙක් සහ නලා පිඹින්නෙකි. ඔහුගේ හිසෙහි ජටාවකි.
වීර්යයෙන් නලා පිඹින ආකාරයක් ඔහුගේ
මුහුණින් නිරූපිතය. අත්වල නැටුම් ආභරණ වේ. ඇඳුම ජෝතියකට සමානය. එය රඹ පැහැතිය. කළු බාහිර
රේඛාවෙන් ඇඳුමේ රැලි ස්වභාවය
දක්වා ඇත.
නලා වයන්නාට පිටුපසින් තම්මැට්ටමක් වාදනය කරන පුද්ගලයෙකි. ඔහු කුඩා කොණ්ඩය පිටුපසට කර බැඳ
සිටියි. ඔහු වාදනය කරන වාද්‍ය
භාණ්ඩය තම්මැට්ටමක් බව පෙන්නුම් කෙරේ. ඔහු තම්මැට්ටම දෙස දෙනෙත් ඕනෑකමින් යොමු කර ගෙන
සිටී. උඩු කයෙහි වස්ත්‍රයක් නැත.
යටි කය සඳහා කෙටි සරමක් යොදා ඇත. එය රඹ වර්ණයට සමානය.
ඔහුට පිටුපසින් තවත් පුද්ගලයෙකි. ඔහු හඳුනාගැනීමට තරමක් අපහසුය. මන්ද, එම ස්ථානය පතුරු
ගැලවී ඇති බැවිනි. නමුත් ඉතා
ඕනෑකමින් නිරීක්ෂණය කිරීමේදී එම පුද්ගලයා ඇත්ගොව්වකු බව නිගමනය කළ හැක. එසේ පැවසීමට හේතුව
නම්, ඒ අසල හස්තියෙකු සිටීමයි.
හස්තියාට ඇත්ගොව්වා ආවරණය වී ඇති බව පෙනේ. ඇත්ගොව්වාගේ එක් අතකින් හස්තියාගේ සොඬවැලින්
අල්ලාගෙන සිටින සටහන යන්තමින්
දැකිය හැක.
01.2 අඛණ්ඩ කථන ශෛලියක් නිරූපණය වන මේ තීරුවෙහි දැක්වෙන්නේ ජාතක කථාවකි. එනම්, මහාජනක
ජාතකයයි. පොළොව ජනක රජු දඟගෙයි දැමීම
එයින් නික්ම වෙන රටකට යෑම, අරිටු ජනක රජ බිසවට කියා යුද්ධයකට යෑම, අරිටු ජනක සහ පොළොව ජනක
දෙන්නා යුද්ධ කිරීම, අරිටු ජනකගේ
බිසව කාල චම්පා නම් නුවරට යැම. කාලචම්පා නුවරදී දිසාපාමොක් ආචාරින් සම්බවීම. රජ බිසව
බ්‍රාහ්මණයාගේ ගෙදරට පැමිණීම යනාදි
සිද්ධි දාමයක් අඛණ්ඩ කථන ශෛලියෙන් දිග හැරේ.
මෙහි සඳහන් වන පුද්ගල චරිත එක එල්ලේ ම නිශ්චිත චරිතයම නිරූපණය කරනවාද යන ගැටළුව පැනනගී.
එහෙත් එම සිද්ධිය නිරුපිත
සිතුවමෙහි යට තීරුවෙහි දැක්වෙන පාඨය තුළින් එය විනිශ්චය කර ගත හැක.
රජුගේ ස්වරූපය දැක්වෙන සිද්ධි වලදී හැඩි දැඩි බව ශක්තිය පෙන්නුම් කෙරේ. රජුගේ ඔටුන්න
වර්ණවත් කර ඇත. ඇඳුම් තුළින් ද
රාජකීය බව ඉස්මතු වී පෙනේ. සෑම ඇඳුමකටම මෝස්තර එක්කිරීමට ශිල්පියා අමතක කර නැත. රජවරුන්ගේ
ඇඳුම එකල සිටි නායක්කර් වංශික
රජකෙනෙකුගේ ඇඳුම් කට්ටලයට සමානකමක් දක්වයි. රජකෙනෙකුගේ හෝ වේවා ඕනෑම මනුෂ්‍යය රූපයක
නිශ්චලතාවක් දක්නට ලැබේ. සමහර
අවස්ථාවන්හිදී රජු සළුවක් ද පැළඳ සිටි. එහි නම්‍යශීලිත්වය විදහා දැක්වීමට ශිල්පියා උත්සාහ
ගත් ආකාරය සිතුවම තුළින් නිගමනය
කළ හැක. රජුගේ කණේ කරාබුව පවා සියුම් ලෙසින් දැක්වීමට ශිල්පියා පොහොසත් වී ඇත. රජු සමග
ඇතැම් තැනක බිසව ද සිටියි. ඇගේ
හිසෙහි මල් ගසා ඇත. ඇගේ ශරීරය සඳහා යොදන ලද වර්ණය අනෙක් පුද්ගලයන් සඳහා යොදනු ලැබූ
වර්ණයට වඩා වෙනසක් දැකිය හැකිය. ඇගේ
සියුමැලිත්වය ළාමක බව ලා රෝස වර්ණය තුළින් කැපී පෙනේ. සමහර දර්ශන කොටස් තුළින් බිසවගේ
මුහුණින් යම්තාක් දුරකට භාවමය
හැඟීම උද්දිපනය වේ. බිසවගේ ඇඳුම බොහොවිට සංකීර්ණ බවක් උසුලයි. ඇඳුම රැළි සහිත බව දැක්වීමට
සිහින් රේඛාවක් යොදාගෙන ඇත.
01.3 ධර්මපාල ජාතකයෙහි මුල දක්වමින් ජාතකය අඛණ්ඩ කථන ශෛලියෙන් ප්රකාශවේ. මහාප්‍රතාප රජ
උයන් ක්‍රීඩාවට යෑම, උයනට ගොස්
ක්‍රීඩා කොට නැවත නුවරට යෑම, කුමාරයා කපන්නට වදකයාට නියම කිරීම ආදී සිතුවම් ඇතුළත් කථා
ප්‍රවෘත්තියක් ධර්මපාල ජාතකයේ එයි.
වධකයා රජුට ආචාර කොට බිසවගෙන් දරුවාව උදුරා ගන්නා අතර දරුවාව කකුල් දෙකෙන් ඇදගෙන අරගෙන
යාම දක්වන සිතුවම නැරඹීමෙදී එම රජු
පිළිබඳ ඇතිවන දෘෂ්ටිය අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කුමාරයා ගෙනවිත් රජුගේ පාමුල දැමීම
හා කුමාරයා කැපීම දක්වන සිතුවමෙහි
වධකයා ළදරු ධර්මපාල කුමරු බිම දමා සිටින ආකාරයත් කුමාරයාව කපන අවස්ථාවත් නිරූපණය වේ.
දේවියගේ වියවුල, දුක, සන්තාපය ආදි
භාවමය හැඟීම් ජනිත කිරීමට ශිල්පියා උත්සාහ ගත් ආකාරය තරමක් දුරට සාර්ථකය. මෙහිදී වධකයාගේ
එක කඩු පහරින් ළදරු ධර්මපාල
කුමරුගේ ශරීරය වෙන් වී ඉහළට නගින ආකාරයක් දක්වමින් නරඹන්නා තුළ චිත්තමය ආවේගයක් ලබා
දීමට ශිල්පියා සමත්කම් දක්වා ඇත. මේ
සිද්ධිය ඇසින් දුටු දේවිය ළය පැලී එතැනම මියැදෙන ආකාරයත් අවසානයේදී රජ ගිනි ගෙන දැවෙන
අයුරුත් පෙන්වා දෙමින් ශිල්පියා
නරඹන්නන්ගේ සිත් සතන් තුළට තව තවත් සන්තර්පණය වීමට උත්සාහ ගන්නා බවක් මෙයින් දැක ගත
හැක.
01.4 ජේතවනාරාමයේදී උකටලී භික්ෂුවක් අරභයා දිගහැරෙන කුස ජාතකය මේ තීරුවෙන් දැක්වේ. කුස
ජාතකය වනාහි 01.4 බිත්තියෙන් අවසාන
වූවක් නොවේ. එය 02,03 බිත්තිවල ඊට අදාල තීරුවේ අඛණ්ඩ කථන ශෛලියෙන් යුතුව ගමන් කරමින් 04
වන බිත්තියේ අවසානය සිදුවේ.
විශාල වශයෙන් ගොඩනැගිලි දැකිය හැකි ජාතක කථාවකි. නමුත් පරිමාණය දක්නට නො ලැබේ.
සීලවතී බිසව පිටුවහල් කිරීම සහ ශක්‍ර දේවේන්ද්‍රයන් මහළු වේශයෙන් අවුත් බිසව රැගෙන
දෙව්ලොවට යෑම දක්වන සැරසිලි
බාහුල්‍යයෙන් යුත් සිතුවමකි. ගොඩනැගිල්ලේ ඉදිරිපස බිසව පිටුවහල් කිරීමට සියළු ම පිරිස්
ඒකරාශී වී සිටී, රජ මාලිගයේ
ඉහළින්ම ඇති මාලයෙහි තිදෙනෙක් සිටියත් ඔවුන්ගේ ප්‍රමාණ පහළ මාලයෙහි දක්නට ලැබෙන මානව රූප
සමග සැසඳීමේදී එක සමාන බවක්
පෙන්නුම් කරයි. ඈතින් පෙනෙනවිට රූප කුඩා කර දැක්වීමේ එනම් ක්ෂය වෘද්ධි ලක්ෂණය මේ
සිත්තමෙහි දක්නට නොලැබේ. ගොඩනැගිල්ලේ
වහළයෙහි උළු එකින් එක විස්තරාත්මකව දක්වයි. විවිධ කැටයම් ගොඩනැගිලිවලට එකතු කර ඇත.
ශක්රදේවේන්ද්රයන් බිසව ගෙන අහසෙහි
ගමන් කරන්නේ රථයකිනි. එම රථයට ද සියුම් කැටයම් ලක්ෂණ එකතුකර ඇත.
ජයම්පති කුමරුත් කුස කුමරුත් ඉපදී වැඩී වර්ධනය වී නිසි වයසට පැමිණි කල දෙමවුපියෝ සුදුසු
සහකාරියන් සොයා දීමට පෙළඹෙති. ඊට
අකමැති වන කුස කුමරු අපූරු උපායක් යොදයි. එනම් රන් රුවක් සාදා එම රුවට සමාන රූපයකින්
යුක්ත කුමාරිකාවක් වේ නම් ඈ සමග
විවාහ වන බව දන්වා රන් රුව සෑම ප්‍රදේශයක ම යැවීමයි. මේ රන් රුව තැන්පත්කර තබන්නේ කරත්තයක
ය. එය මිනිසෙකු විසින් ඇදගෙන
යනු ලබන වාහනයකි. එම පුද්ගලයා කරත්තය වැරෙන් ඇදගෙන යන ආකාරයත් එයට සහයෝගය දක්වන පිරිසත්
සිතුවමෙහි දැක්වේ. මේ කථාව
තවදුරටත් විහිදී යයි.
පාණදුරේ රන්කොත් විහාරයේ සිතුවම් කලාව පිළිබඳ විමසීමේදී ලංකාවේ 19 වන සියවසට අයත් අනෙක්
සිතුවම් හා සැසඳිය හැකි වටිනා
කලා නිර්මාණයන් වෙති. මේ සිතුවම් තුළින් පිළිබිඹු වන එකල ජනතාවගේ සමාජ, සංස්කෘතික ආදි
අංශයන්ගේ තොරතුරු රාශියකි. මහනුවර
යුගයේ පහතරට ශෛලියේ පසුකාලීන සිතුවම් මේ විහාරයේ දක්නට ලැබීමෙන්ද , අවුරැදු සියයකට වඩා
පැරණි බවින් යුත් සිතුවම් මේ
විහාර ගෙහි දක්නට ලැබීම නිසා ද සිතුවම්වල වටිනාකම ලෝකයාට හුවා දැක්වීමේ අරමුණින් මගේ
නිබන්ධන මාතෘකාව වශයෙන් තෝරා ගත්තෙමි.
විහාරයේ පෞරාණිකත්වය ගෙනදෙන්නේ සිතුවම් පමණක් නොවේ. අවුරුදු 200 ක් පමණ පැරණි බෝගසත්
චෛත්‍යයත් මීට නිදසුන් වේ.
විහාරස්ථානය මේ වනවිට භික්ෂූන් වහන්සේලා හත් නමකගේ ආධිපත්‍යය යටතේ පාලනය වී ඇත. වර්ෂ 1981
සිට වර්තමානය දක්වා විහාරාධිපති
ධූරය හොබවනුයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත කහපොළ සුගතරතන මහනායක ස්වාමීන් වහන්සේ ය.
විහාරස්ථානයේ පැරණි බවට අනතුරක් සිදු
නොවීමට වග බලා ගනිමින් ගොඩනැගිලි අංග පිළිසකර කිරීමටත් විවිධ අංග එක් කිරීමටත් කටයුතු
යොදා ඇත.
විහාරයේ සිතුවම් කලාව පිළිබඳව විහාරාධිපති හිමියන් ඇතුළු සියළු ම භික්ෂූන් වහන්සේලා තුළ
ධන ආකල්පයක් වේ. උන්වහන්සේලා
සිතුවම් ආරක්ෂා කර ගැනිමට දක්වන මෙහෙය අගය කළ යුතුය. මේතාක් කල් විහාරයේ සිතුවම් ආරක්ෂා
වී පවතින්නේ විහාරයේ පෙර සිට වැඩ
සිටි භික්ෂූන්වහන්සේලාගේ දූරදර්ශී ක්‍රියා පටිපාටිය නිසා ය. අද වර්තමානය වන විට සිතුවම්
විනාශ වීමේ තර්ජනයකට මුහුණපා
සිටියි. විහාරගෙය තුළ පහන්, හඳුන්කූරු, කපුරු ආදිය පත්තු නොකිරීම සතුටට කරුණකි. බොහෝ
දෙනෙක් සිතුවම්හි වටිනාකම දත් නමුත්
කීපදෙනෙකුගේ අයථා වැඩකටයුතු නිසා සිතුවම්වල තත්වයට හානි පැමිණ ඇත.
මේ රට තුළ සංස්කෘතික දේපල ආරක්ෂා කර ගැනීමට විවිධ සංවිධාන, ආයතන, රජයේ දෙපාර්තුමේන්තු විශාල
සංඛ්‍යාවක් බැඳී සිටිති.
එහෙයින් විනාශකාරී තත්වයකට මුහුණ පා සිටින රන්කොත් විහාරයෙහි බිතුසිතුවම් ආරක්ෂා කර
ගැනීම වගකිවයුතු ආයතන හා පුද්ගලයන්ගේ
යුතුකමකි. සිතුවම් විනාශවීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු කිරීම
අතිශයින්ම වැදගත් ය, දේශීය අනන්‍යතාව
ඔප්පු කළ හැකි කලාකරුවාගේ දක්ෂතාවන් සිතුවම් සමග විනාශ වී යාමට ඉඩ ඇත. මේ නිසා පවතින රජයේ
ද යුතුකම වන්නේ මෙවැනි පෞරාණික
සිත්කම් හා කලා කෘති ආරක්ෂා කර ගැනීමයි.
අවපැහැ ගැන්වී ඇති සිතුවම් නැවත මතු කර ගැනීමේ දී ඒ දීප්තියට බාධාවක් සිදු වී ඇති බව
සිතුවම් නිරීක්ෂණය කිරිම තුළින්
පැහැදිලි වේ. මේ නිසා විධිමත්, ක්‍රමවත් සැලැස්මකට අනුව නවීන තාක්ෂණය යොදා ගනිමින්
සිතුවම් සඳහා වන හානිය අවම කර ගැනීමට
කටයුතු කළ යුතුය. බොහෝ සෙයින් ක්ෂයවීයන සිතුවම් තොරා බේරා ගෙන තිබෙන තත්වයම රැක ගැනීමට
“චිත්‍ර අනාවරණය” කර ගැනීමට කටයුතු
සැලැස්වීම කළ හැකිය. එමෙන් ම විනාශ වී යන චිත්‍ර දිය සායමින් පලපුරුදු චිත්රශිල්පීන්
ලවා ඇඳ “තිත් ක්‍රමය” භාවිතා කිරිම
චිත්‍ර සංරක්ෂණය කළ හැකි එක් ක්රමයකි.
(කැලණිය විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා අංශයේ උපාධිධාරණියක වන ටී.ඊ.මධුරංගී හේමතිලක ද සිල්වා
මෙනෙවිය විසින් රන්කොත්
විහාරයේ බිතුසිතුවම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයයට ඉදරිපත් කරන ලද පර්යේෂණ නිබන්ධයේ ඉතා
සුළු කොටසක් ආශ්රයෙන් ඉහත
සඳහන් කරුණු සකස් කර ගන්නා ලදී.)